ලංකාව ථේරවාදී බෞද්ධ රටක් ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල හිමියන් විසින් රචිත පොත් Ven. Rerukane Chandawimala Thero Books Sinhala - Buddhist Books Free


Most Ven. Rerukane Chandawimala Maha Thero


දහම් විල මෙම ධර්ම පුස්තක අන්තර්ජාලය ඔස්සේ අළෙවි නොකරන බවත් හුදෙක් පාඨකයාට අන්තර්ජාලය ඔස්සේ කියවීමේ පහසුකම සැලසීම පමණක් සිදුකරන බවත් කරැණාවෙන් සලකන්න. සියළු මිලදී ගැනීම් සඳහා ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය, අමතන්න. මිළ දී ගත හැකි වෙළෙඳ නියෝජිතයින් සඳහා...

තෙරැවන්සරණයි!


***********

 මෙම පොත් ONLINE කියවන්න

පහත ඇති ග්‍රන්ථ විස්තරය කියවීමෙන් අන්තර්ගතයන් හදුනා ගත හැක.


01 Bauddhayage Athpotha. - BTmode
බෞද්ධයාගේ අත්පොත -
බෞද්ධකම උපතින් හිමි වන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්‍ය මුලික දැනුම ලබා ගැනිමටත් 
බෞද්ධයකු වශයෙන් හැසිරිමට අවශ්‍ය කරන හැදියාව ලබා ගැනිමටත් සෑම බෞද්ධයකුම මුලින්ම කියවිය යුතු පොතකි.

02 
Punyopadeseya. - BTmode

පුණේයොපදේශය - 
බෞද්ධයන් කරන වන්දනා පුජා දෙක උසස් ප්‍රතීඑල ලැබෙන අයුරින් කරන අයුරැත්, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්ථක කර ගෑනිමට බෞද්ධයකු වශයෙන් කල යුතු වැඩත්, මාතෘකා 14 ක් යටතේ විස්තර කල පොතකි.

03 Pohoya Dinaya. - BTmode

පොහොය දිනය - 
සීල සමාදානය සාර්ථක කර ගැනිම සඳහා කියවිය යුතු පොතකි. 
පොහො දින කළ යුතු වන්දනා පුජා භාවනා ආදි කටයුතු පිළිබඳව විස්තර කර ඇත.

04 
Bodhi Poojawa. - BTmode

බෝධි පුජාව - 
අද බහුලව කෙරෙන පිංකමකි , බොධිපුජාව . නියම ප්‍රතිඵල ලැබිය හැකි අන්දමින් 
බෝධි පුජාව කරන ආකාරය මේ පොතින් දැනගත හැකි ය.

05 Sewvisi Maha Gunaya. - BTmode

සුවිසි මහා ගුණය - 
තෙරුවන් ගුණ සුවිස්ස (24) ශ්‍රද්ධා භක්තිය උපදවන ආකාරයෙන් විස්තර කර ඇති පොතකි. 
බෞද්ධ සාහිත්‍යය කෘතියක් වශයෙන් ද රසවත් ව කියවිය හැකි ය.

06 Mangala Dahrma vistharaya. - BTmode

මංගල ධර්ම විස්තරය - 
මහා මංගල සුත්‍රයේ ඇතුළත් මෙලොව පරලොව. යහපත පිණිස හේතු වන මංගල කරුණු 38 සරළව පැහැදිළි කරයි. 
ජිවිතය සාර්ථක කර ගැනිම සඳහා ආගම් භේදයකින් තොරව හැමදෙනා විසින් ම කියවිය යුතු ග්‍රන්ථයකි.

07 
Buddha Neethi Sangrahaya. - BTmode

බුද්ධ නිති සංග්‍රහය - සත්වයාගේ මෙලොව පරලොව යහපතටත්, නිවන් ලැබිමටත් උපකාර වන ධර්ම විස්තර කරන පොතකි. 
උපදේශ ගාථා 550 ක් ඇසුරින් කා හටත් ප්‍රයෝජනවත් සේ ස්කසා ඇති මේ පොත ඉගැන්විමටද සුදුසු ය.

ධර්ම විනිශ්චය - ධර්මය නොදැනිමේ හේතුවෙන් බෞද්ධයන් අතර ඇති වන විතර්කයන්ට පිළිතුරු වශයෙන් ප්‍රශ්න 
සියයක් අලලා සකස් කර ඇති පොතකි. බොහෝ දහම් කරුණු ගැන නිරවුල් දැනුමක් ඇති කර ගැනිමට මේ පොත කියවිම සුදුසු ය.

09 Paramitha Prakaranaya. - BTmode
පාරමිතා ප්‍රකරණය - 
නිවන් ලැබිම උදෙසා කරන පිංකම් පාරමිත නම් වේ. ඒවා දහයකි. 
මේ පොතින් එම දහම් කරුණු විස්තර කරන අතර, පාරමිතා වඩන ආකාරය පැහැදිළි කරයි.

10 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya.
 - BTmode
නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති කර්මය - 
බෞද්ධයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වු නිර්වාණය පිළිබඳ විස්තර ඇතුළත් පොතකි. 
පුනරුත්පත්ති කර්මයෙන් සත්වයා නැවත නැවත භවයේ උපදින ආකාරය පැහැදිළි කරයි.

11 Chathurarya Sathya. - BTmode
චතුරාර්ය සත්‍යය - 
බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ චතුරායර්ය සත්‍යය දේශනා කරනු පිණිසය. 
ලෝකෝත්තර මාර්ග එල ලැබිමට නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතු ය. කා හටත් පහසු වෙන් තේරුම් ගත හැකි සේ චතුරාර්ය සත්‍යය ධර්මය පැහැදිළි කරන පොතකි.

12 Keles Ekdahas Pansiyaya.
 - BTmode
කෙලෙස් එක් දහස් පනිසියය - 
නොයෙක් වර අසන්නට ලැබෙතත් මේ ගැන දන්නන් විරලය. 
කෙලෙස් වශයෙන් ඉදිරිපත් වන චිත්තස්වභාවයන් අනේකාකාරයෙන් විස්තර කරන පොතකි.

13 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma.
 BTmode
වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම -
අකුශලයෙන් මිදිම පිණිස සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය. 'වතථ' සුත්‍රයේ දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිළි කරමින් මේ ග්‍රන්ථය ලියා ඇත. කුසලාකාරයෙන් ඉදිරිපත් වී සිත රවටන චිත්ත ස්වභාව පැහැදිළි කරන වඤචක ධර්ම පොත 
බොහෝ උගතුන්ගේ පැසසුමට ලක් වී ඇත. මේ පිළිබඳව ලියැවුණ එකම පොතය.

14 
Abhidharmaye Mulika Karunu. - BTmode
අභිධර්මයේ මුලික කරුණු - 
චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනිමට අභිධර්මය පිළිබඳ තරමක හෝ දැනිමක් තිබිම ප්‍රයෝජනවත් ය. 
මේ පොත කියවිම අභිධර්මය ඉගෙනිමට ද හොඳ පදනමකි.

15 Bodhi Pakshika Dharma vistharaya. - BTmode

බෝධිපාක්ෂික ධර්ම විස්තරය - 
බුදු, පසේබුදු, මහරහත් යනුවෙන් නිවන් දෑකිය හැකි බෝධි තුනකි. එම සත්‍යය වබෝධය 
ලබා ගැනිමට උපකාර වන ධර්ම 37 විස්තර කරන, නිවන් පතන්නන් විසින් කියවිය යුතු පොතකි.

16 Vidarshana Bhavana kramaya.
 - BTmode

විදර්ශනා භාවනා ක්‍රමය -
කෙලින්ම නිවන් ලබාදෙන පිංකම විදර්ශනා භාවනාවයි. 
විදර්ශනා වඩන බොහෝ ක්‍රම අතුරින් පහසුවෙන් ප්‍රතිඑල ලැබිය හැකි ක්‍රමයක් විස්තර කරයි.

17 Chathalisakara Maha Vipassana Bhawanawa.
 - BTmode
චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව - 
විදර්ශනා ඤාණය දියුණු විම සඳහා භාවනා කරන්නවුන් විසින් කියවිමට සුදුසු පොතකි.

18 Patichcha Samuppada Viwarana - BTmode
පටිච්ච සමුප්පාද විවරණය - 
හේතු-ප්‍රත්‍යයන් පැහැදිළි කරන බුදු දහමේ ගැඹුරු දහම් කොටසක් විස්තර කරන පොතකි. 
සියලු බෝසත්වරුන් බුදුවන දින රාත්‍රී පශ්විම යාමයේ භාවනාවක් වශයෙන් මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය හේතු උදහරණ උපමා සහිතව විවරණය කර ඇත.

19 Satipattana Bhawana Kramaya - BTmode
සතිපට්ඨාන භාවනා ක්‍රමය - 
දැනට කදුබොඩ ආදි විපස්සනා භාවනා මධ්‍යස්ථානවල පුහුණු කරන භාවනා ක්‍රමය ධර්මාණුකුලව විස්තර කරයි.

20 Satipattana Bhawana Wiwechanaya. - BTmode
සතිපඨාන භාවනා විවේචන සහ තවත් කෘති - 
2500 බුද්ධ ජයන්තිය සමඟ ඇති වු භාවනා පුනරුදය නො ඉවසු සමහර දෙනා අතර පැන නැගුණු විවෙචනයන්ට දුන් 
ධර්මානුකුල පිලිතුරු සහ ශාසන ඉතිහාසය හා කාලින ශාසන කටයුතු පිළිබඳ නාහිමියන් ගේ අදහස් ඇතුළත් කුඩා පොත් කිපයක එකතුවකි.

21 Patthana Maha Prakarana Sannaya Part 1. - BTmode
22 Patthana Maha Prakarana Sannaya Part 2.
 - BTmode
පට්ඨාන මහා ප්‍රකරණ සන්නය - 
පට්ඨානය අභිධර්ම පිටකයේ අන්තිම පොතයි. පට්ඨාන ප්‍රකරණය උගත යුතු ආකාරය පැහැදිලි කරන 
මේ පොතෙහි ප්‍රස්ථාවනාව කර්තෘගේ අභිදම් දැනුම ප්‍රකට කරයි.

23 Abhidharma Maragaya - BTmode
අභිධර්ම මාර්ගය -  
නිරවුල්ව හා නිවැරදිව පහසුවෙන් අභිධර්මය හැදැරිම සඳහා පිළියෙළ කර ඇති, 
දහම් විභාග සඳහා සුදුසු පොතකි.  අභිධර්මාර්ථ සංග්‍රහය අනුව ලියවි ඇත.

24 Vinaya Karma Potha - BTmode
විනය කර්ම පොත - 
පැවිදි කිරිම උපසම්පදා කිරිම හා සිමා බන්දනය කිරිම ආදි විනය කර්මයන් ගැන පැහැදිළි විස්තරයකි. විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්‍රයෝජනවත් පොතකි.

25 Upasampada Seelaya.
 - BTmode
උපසම්පද සීලය - 
විනය නොදැන උපසම්පද විම නපුරකි, උපසම්පද ශිලය පහසුවෙන් තේරුම් ගත හැකි සේ විස්තර කරන පොතකි. විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්‍රයෝජනවත් පොතකි.

26 Ubhaya Prathimokshaya.
 - BTmode
උභය ප්‍රාතිමෝක්ෂය - 
මුලින්ම වනපොත් කරන විනය අත් පොතකි. පෙළ සහිත සරල සිංහල අනුවදයෙන් යුක්තයි. විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්‍රයෝජනවත් පොතකි.

27 Sasanawatharanaya - BTmode
ශාසනාවතරණය - 
උපසම්පන්න හා අනුපසම්පන්න භික්ෂුන් වහන්සේලාටත් සිල්මාතාවන්ටත් අත් පොතක් වශයෙන් භාවිතයට සුදුසු ය. 
පැවිදි වන්නට අපේක්ෂා කරන්නන් මුලින්ම මේ පොත කියවිම මැනවි.
විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්‍රයෝජනවත් පොතකි.



Download


Biography of Ven Rerukane Chandawimala Maha Thero




**************************